Wiki Pitaka
  • මුල් පිටුව
  • බුද්ධ රත්නය
  • ත්‍රිපිටකය
  • සොරබඩුවක් දැන දැනම මිලදී ගැනීමේදී සොරකමක් සිදුවේද?
  • ද්‍රෝණයක් යනු කොපමණ ප්‍රමාණයක්ද?
Powered by GitBook
On this page

Was this helpful?

Export as PDF

ද්‍රෝණයක් යනු කොපමණ ප්‍රමාණයක්ද?

title

description

published

date

tags

editor

dateCreated

ද්‍රෝණයක් යනු කොපමණ ප්‍රමාණයක්ද?

1

2020-10-12 11:13:27 UTC

undefined

2020-09-26 17:12:44 UTC

ද්‍රෝණයක් කියන්නෙ බුදුරජාණන්වහන්සේ ගෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් 8න් 1ක්. මුලු ලොකයෙම බුදුරජාණන්වහන්සේ ගෙ සර්වඥ ධාතූන් ගෙන් 8න් 1ක් වඩ සිටින්නේ රුවන්වැලි මහා සයෙ පමනි. මෙය වන්දනා කර පින් ර්ස් කර ගන්න.විස්වයෙ පින් වන්තම බිම් කඩ රුවන්වැලිසෑය.

දළදාවන් හතර, අකුධාතුන් දෙක, ලලාට ධාතුව යන ධාතුන් හත හැර සෙසු ධාතුන් සමාන කොටස් අටකට බෙදුවා. එයින් එක් කොටසක් ද්‍රෝණයක් ලෙස සැලකේ. මෙම ද්‍රෝණ අට ලැබු අය තම තමන්ගේ ප්‍රදේශවල ඒවා තැන්පත් කරලා චෛත්‍ය අටක් ඉදිකලා. එයින් එක් චෛත්‍යයක් තමයි රාමග්‍රාම ප්‍රදේශයේ ඉදිවුනේ. එය පසු කලෙක ගංවතුරකට අහුවෙලා ධාතු සහිත කරඩුව මුහුදට ගහගෙන ගියා. එම කරඩුව තමයි නාගලෝකයේ තිබුනෙ. අනෙක් චෛත්‍ය හතහි තිබුන ධාතු අරන් තමයි ධර්මාශෝක රජු චෛත්‍ය අසූහාරදහසක් දඹදිව් තලය පුරාම ඉදිකලේ. අර නාගලෝකයේ තිබුන කරඩුව තමයි පසු කලෙක ඉර්ධිමත් භික්ෂුවක් විසින් රැවන්වැලි මහා සෑයේ තැම්පත් කිරීම සදහා එැගෙන වැඩියෙ.

ලලාට ධාතුව, අකු ධාතු දෙනම ,සතර දළදාවන් ට අමතරව ඉතිරි සියලුම අස්ථි

  • මුං පියලි තරමේ ධාතු නැලි 5 ක්

  • කඩසහල් තරමේ ධාතු නැලි 5 ක්

  • අබ ඇට තරමේ ධාතු නැලි 6 ක්

ලෙසට ඉතිරි විය. මගධ නැලියෙන් නම් නැලි 16 කි. ද්‍රෝනයක් වශයෙන් නම් 8 කි. මෙම 8 න් 1 පංගුක් මහා චෛත්‍ය යේ තැන්පත් කර තිබේ.

මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් (මෙය දළ වශයෙන් ගිනිය හැක්කේ නැලි 16 - ලාස් හතරක්) ..

බුදුරජාණන්වහන්සේ පිරිණිවනය පෑවට පසු එම ධාතුන් වහන්සේලා අබ ඇට මුං පියලි කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ දක්වා ඉතිරිව පැවත ඇත, ඒක බුද්ධ අදිෂ්ඨානය, මොකද අපේ බුදු රජාණන්වහන්සේ තමයි අල්ප ආයුෂ වැළදූ බුදුරදුන්, දෙව් මිනිසුන්ගේ හිත සුව පිනිස අප්‍රමාණ කුසල් රැස් කර ගන්නයි එහෙම අදිෂ්ඨාන කරේ,,,ඒ ධාතුන් වහන්සේලා දෝණ බමුණා විසින් දෝණ 8කට බෙද වෙන් කරන ලදී ,,ඒ එක කොටසකට තමයි දෝණයක් කියලා කියන්නෙ,, ඒ එක දෝණයක් ධාතුන් වහන්සේ නමක්ම රැවන්වැලී මහා සෑයේ තැන්පත් කර තිබෙන්නෙ,, එය අපිට ලැබෙන්න කලින් බුදු රජාණන්වහන්සේගේ මව් පාර්ශවයට ලැබුණු දෝනයක් ධාතුන් වහන්සේ ,,එය ගංගානම් ගගේ රාමගාම ස්තුපයක් සාදා තැන්පත් කර තිබුනද පසු කලෙක එය කැඩී ගොස් මුහුදට ගසාගෙන ගිය අවස්ථාවේ මහාකාල කියලා නා රජුට මෙය අසුවී නාග ලෝකයට ගෙනගොස් තියෙනවා ,පසුව එය රැගෙන ඒමට සෝනුත්තර මහ රහතන් වහන්සේ නාග ලෝකයට ගිහින් තියෙනවා,,ඒ බව දැනගත් මහාකාල නා රජු ඔහුගේ සහෝදර වාසුලදත්තාට සගවා ගෙන ඉන්න ලෙස ඇසින් ඉගිකර තියෙනවා, වාසුලදත්තා ලොකු පෙන මඩුලු මවාගෙන ගිනිදැල් පිට කරමින් මෙය කුසේ සගවාගෙන තියෙනවා,,,සෝනුත්තර මහ රහතන් වහන්සේ අත දිගුකර කුස තුලට යවා මෙය රැගෙන ගොස් පොලොවෙන් මතුවී අවුත් දුටුගැමුණු මහ නිරිදුට දුන්නා,,,ඒ දෝණයක් ධාතුන් වහන්සේ තමයි අපි වදින පුදන මේ අසිරිමත් රැවන්වැලී මහා සෑ රජුන් දරාගෙන සිටින්නෙ.🙏🙏🙏

Previousසොරබඩුවක් දැන දැනම මිලදී ගැනීමේදී සොරකමක් සිදුවේද?

Last updated 3 years ago

Was this helpful?